පොළොන්නරු යුගය පිලිබදව ඉගෙනීමට ඇති මුලාශ්‍රයන්

Tuesday, June 25, 2013

       මහාවංශය 



පොළොන්නරු රාජධානිය පිලිබදව වඩාත්ම වැදගත් තොරතරු ලබා ගත හැක්කේ මහාවංශයේ දෙවෙනි කොටසෙනි.එය ඇතැමුන් චුලවංශය ලෙසද හදුන්වයි. මේ කොටසින් කිත්සිරි මෙවන් රජු ගේ සිට මහා පරාක්‍රම රජතුමා දක්වා ඉතිහාසයෙන් යුක්ත වේ. මහා වංශයේ තුන්වෙනි කොටස (චුලවංශය) දෙවැනි විජයබාහු රජුගේ පටන් දෙවැනි පරාක්‍රම රජු දක්වා තොරතුරු ඇතුලත් වී තිබේ. 54 වන සියවයේ සිට පොලොන්නරුව පිළිබද තොරතුරු ඉදිරිපත් වේ.



පුජාවලිය 

පුජාවලියේ 34 වන පරිච්ච්ජේදයෙන් දබදෙනියේ දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ආගමික කටයුතු විස්තරවන අතර පොළොන්නරු යුගය පිලිබදව විවිද තොරතුරු මෙහි ඇතුලත් වෙයි.

නිකාය සංග්‍රහය 
 
මේ පොත ක්‍රි.ව 14 වන සියවසේදී ලියඋනු පොතක් වූවද එහි මහා විජයබාහු, මහා පරාක්‍රමබහු යන රජවරුන්ගේ කාලයේ සිදුකල ආගමික සේවාවන් විස්තරකර තිබේ නිකාය තුන සමගි කිරීම ගැනද මෙහි සදහන් කොට තිබේ.

රාජාවලිය 

විජය රජුගේ පටන් මහනුවර 1 වෙනි විමලදර්මසිරිය රජු දක්වා ලංකාව පාලනය කල රජවරු පිලිබදව විස්තර සදහන්වේ. පොළොන්නරු යුගයේ පදිරටින් හා චෝල රටින් ලංකාවට අවුරුදුපතා කප්පන් ගෙවූ බව සදහන් වේ.

සංගමු විහාර ලිපිය
2 වන ගජබාහු රජු සහ පරාක්‍රම යුවරජු අතර, සමගි සම්මුතියක් පිලිබදව තොරතුරු සංගමු විහාර ලිපියේ සදහන් වේ. පොලොන්නරු රජියේ බලයෙන් ගත පරාක්‍රමබාහු ගජබාහු රජු නෙරපාහරි. මනහරන නමැත්ත පරාක්‍රමබාහුට පහර දී පොළොන්නරුවේ පාලනය ගැනීමට සුදානම් වීමේදී පරාක්‍රමබහු හා දෙවැනි ගජබාහු අතර ඇතිවූ සමගි සම්මුතිය ඓන් විස්තර වේ .

ගල්පොත ලිපිය
නිශ්ශන්කමල්ල රජුගේ තොරතුරු රැසක් මෙම ලිපියේ විස්තර වේ.

දෙවනගල ලිපිය 

පරාක්‍රමබාහු රජතුමා බුරුමය යටත් කරගත්තේ කීර්ති නගරගිරි නමැති සෙනෙවිය එහි යැවීමෙනි. සටන දින බුරුමය දිනවූ සෙනවියාට ගම්වරක් තෑගි දීම එම ලින් විස්තර වේ.



0 comments:

Post a Comment