Monday, June 24, 2013
පොළොන්නරුව ක්‍රි.පු 2 වන සියවසේදී හදුනා තිබෙන කඳවුරුපිටිය නමිනි. දුටුගැමුණු රජතුමා එළාර රජුට විරුද්ධව සටන් මෙහයවීමේදී ඔහුගේ ප්‍රධාන කඳවුරු පිහුටුවා තිබුණේ මෙහිය. වේලක්කාර ලිපියේ පුලනරි යනුවෙන් හදුන්වන්නේ පොලොන්නරුවයි. ක්‍රි.ව 1017 දී අනුරාධපුරයේ අවසාන රජු චෝල ආක්‍රමණ හමුවෙ රුහුණට පල ගිය අතර, රජුරට චෝළබලයට යටවිය. අවුරුදු 1500 ක් තරම් දීර්ඝ කාලයක් දකුණු ආසියාවේ ඉතාමත් දියුණු ශිෂ්ටචරයක්ව පවතී අනුරාධපුර පුරන්බිමක් බවට පත්වූයේ චෝලයන් සිදුකල මහා විනාශයන් නිසාය.
ක්‍රි.ව 993 සිට ක්‍රි.ව 1070 දක්වා දකුණු ඉන්දීය චෝල අධිරජියන් ලෙස හදුන්වූ රාජරාජ සහ රාජේන්ද්‍ර යන පිය පුතු දෙදෙනා වසර 77 කට අසන්න කාලයක් පොලොන්නරුව පාලනය කළහ. මෙහිදී ඔහුන් නගරය හැදින්වුයේ "ජනනාථ මංගලම්" ජනනාථ පුරම් යන නම්වලිනි.
ශ්‍රී ලංකාවේ ඉතිහාසඥයින් දක්වන ආකාරයට චෝලින් පැමිණීමට පෙරත් පොලොන්නරුව අගනුවර් හා උපනගරයක් ලෙස තෝරාගෙන තිබේ. ඇතැම් සිංහල රජවරු වරියන්වර මෙහි පැමිණ වාසය කර තිබෙන බව මහාවංශයෙන් ද පැහැදිලි වේ. රං කොත් වෙහෙර සමීපයේ ඇති ගොපල පබ්බතයේ ක්‍රි.ව 1 වන සියවසට අයත් ලෙන් ලිපියෙන් පැහැදිලිවන්නේ බුදුදහම පැමිණි මුල් කාලයත් මේ ප්‍රදේශය ජනාවාස වී තිබුණු බවකි.
දෙවෙනි උපතිස්ස රජතුමා (ක්‍රි.ව.365-404) විසින් තොමවැව කරව තිබේ. පසුකාලයේදී පරාක්‍රම සමුද්‍රයට් මේ වැවත් එකතු කරන ලදී. පොලොන්නරුව තම පාලන මදියස්තය ලෙස තෝරාගත් පලවෙන්න ලෙස vii වන අග්බෝධි රජතුමි (ක්‍රි.ව 667-685) ඔහුගෙන් පසු ii වන මහින්ද, i එන උදය යනරජවරු වෙහෙර විහාර හා රෝහල් ඉදිකර තිබේ. i වන සෙන (ක්‍රි.ව 833) රජතුමා පොලොන්නරුව වාසය කල තවත් රජතුමෙකි. vi වන සෙන රජතුමාද පොලොන්නරුව අගනගරය කරගෙන වාසය කිරීමෙන් පැහැදිලි වන්නේ අනුරාධපුර මැද බාගය වන විටත් දියුණු නගරයක්ව පවතී බවයි.
ක්‍රි.ව 993 දී සොලින් ලංකාව යටත් කර අල්ගත් ගැනීමෙන් පසුව ක්‍රි.ව 1070 දක්වා පොලොන්නරුව සිට පාලනය ගෙන ගිය සොලී අධිරාජයාගේ යුව රජකු යටතේය. මේ කාලයේදී හින්දු කෝවිල් විශාල ප්‍රමාණයක් නගරයේ ඉදිවිය.
සොලී පාලනයෙන් වසර 77 පිඩා විදි ශ්‍රී ලාංකිකයන් කීර්ති නමැති රජකු වට එක්රැස් වී සොලින් සමග සටන් වදී ඔහුන්ව පරදවන ලදී. මහා විජයබාහු නමින් අනුරාධපුරයේදී අබිශේක වී ක්‍රි.ව 1070 දී පොලොන්නර්ය්ව අගනගරය කරගන්න ලදී. මේ රජතුමා ක්‍රි.ව 1110 වනතුරු රට පාලනය කළේය. ඔහුගෙන් පසුව ජයබාහු, 2 වන ගජබාහු යන තිදෙනා ඖරුදු 43ක් රට පාලනය ගෙන ගියද 1 වන පරාක්‍රමබාහු කාලය වන විට නැවත රජකමට උරුම පිරිස වැඩි වී ඔහුන් අතර, ගැටුම හට ගත්තේය. මෙඉන් ජය ලබන පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව 1153-1186) නැවත රට එක්සත් කරි. ඔහු ගෙන් පසුව රජරට නියම උරුම කරවෙකු නොසිටිය බැවින් කාලිංගවංශය හා පඬියවන්ශය මාරුවෙන් මාරුවට රජකම් කරන්නට පටන් ගනී. මෙහි මුලිකය වුයේ නිශ්ශන්කමල්ල රජ්තුමි. ඔහුගෙන් පසුව චෝඩගංගදේව ලීලාවති බිසව, සහසමල්ල, කලියනවති බිසව, ධර්මාශෝකදේව, අනිකංග , ලෝකේශ්වර හා පරාක්‍රම පාන්ඩිය උන් පිරිස රජකම් කරයි. ඇතැමුන්ගේ රාජිය කාලය දින, සති, මස ගණනකට සිඉම විය. ලීලාවතී බිසව තෙවරක්ම වරින් වර රජකමට්ට පත් විය. මෙ කාලයේදී නිශ්ශන්කමල්ල රජුගේ සහ පරාක්‍රමබාහු රජුගේ ඇමතිවරු හා සේනාපතිවරු පැලවත් වී රජුන් තනන්නන් සේම රජුන් නෙරපහරින්නන් බවටද පත් වී තිබුණි.
රජ පුල් අතර, ඇතිවූ විවිධ ගැටුම් නිසා අහි වාසිය ලබන්නේ කලින්ගමග නමැති අක්රමනිකයාය. ඔහු 1215 දී පොලොන්නරුව ආක්‍රමණය කර එහි පාලනය ලබාගෙන ඖරුදු 21ක් කාලිංග විජයබහු නමින් පොළොන්නරු පාලනය කළේය.
0 comments:
Post a Comment